පෙවී පෙවී ගවු ගණන් දුර ඇවිද
නෙක නෙක විසිතුරු මල් ගොමු
එකින් එක ගෙන
සරසා සරසා හද ගැබේ හැම ඉම
වසා අතුරා කසී සළු පට
සුවද ගලවා රත් කොකුම්
කහ දියර, පිරිත් පැන් ඉස
පිවිතුරුම පිවිතුරු ආදරෙන්
හැඩ කොට මල් මිට
පිදු පුජාසනය ඔබ විය
දිනෙන් දින වියැකී ගොසින් අද
දස වසක් ඉක්මී ගොසින් ඇත
තාම ඒ මල් සුවද මල් මිට
පර නොවු ඒ සොදුරු ගෙත්තම
ලියා හසුනක් කවි කදුළු හැඩ
සපත කරනට මගේ ස්නේහය
පිය නගන්නට දෙවොල ඇත හැර
කෙරු ඇරයුම් නිගා කර ඔබ
නොහික්මුණු ආශා සිතැගි මැද
සැරසිලා විසිතුරු , රනින් අබරණ
රන් දෝලි පෙරහරේ ගිය ඔබ
මනාලිය වී තෞතිසාවක
ඔබය ඒ සුකුමාල දේවිය
දමා සිරකර යොවුන් පැතුමන්
හොවා විලගුන් වසා දොරගුල්
රනින් කළ මනිමේඛලා පට
සිර කරා ඔබ පතිනියක කර
ඔබය අග මෙහෙසිය තෞතිසාවට
සිහින් ඉග හැඩ නළගණන් මැද
දිනෙන් දින වියකි ගොසින් අද
දස වසක් ඉක්මී ගොසින් ඇත
ගිමන් හරිනට රන් දෙවොල අතහැර
පිය නගන්නට හඩයි ඔබ අද මල් කළබ ලග
වැඩම සිටි පුජාසනෙන් බැස , හිරි ඔතප් බිද
No comments:
Post a Comment