5 September 2015

ඔබය ඒ සුකුමාල දේවිය ....



















පෙවී පෙවී ගවු ගණන් දුර ඇවිද 
නෙක නෙක විසිතුරු මල් ගොමු 
එකින් එක  ගෙන 
සරසා සරසා හද ගැබේ හැම ඉම 
වසා අතුරා කසී සළු පට 
සුවද ගලවා රත් කොකුම් 
කහ දියර, පිරිත් පැන් ඉස 
පිවිතුරුම පිවිතුරු ආදරෙන් 
හැඩ  කොට මල් මිට 
පිදු පුජාසනය ඔබ විය 


දිනෙන් දින වියැකී ගොසින් අද 
දස වසක් ඉක්මී ගොසින් ඇත 

තාම ඒ මල් සුවද මල් මිට 
පර නොවු ඒ  සොදුරු ගෙත්තම 

ලියා හසුනක් කවි කදුළු හැඩ 
සපත කරනට මගේ ස්නේහය 
පිය නගන්නට දෙවොල ඇත හැර 
කෙරු ඇරයුම් නිගා කර ඔබ 

නොහික්මුණු ආශා සිතැගි මැද 
සැරසිලා විසිතුරු , රනින් අබරණ 
රන් දෝලි පෙරහරේ ගිය ඔබ 
මනාලිය වී  තෞතිසාවක 
ඔබය ඒ සුකුමාල දේවිය 

දමා සිරකර යොවුන් පැතුමන් 
හොවා විලගුන් වසා දොරගුල් 
රනින් කළ මනිමේඛලා පට 
සිර කරා ඔබ පතිනියක කර 
ඔබය අග මෙහෙසිය තෞතිසාවට 
සිහින් ඉග හැඩ නළගණන් මැද 

දිනෙන් දින වියකි ගොසින් අද 
දස වසක් ඉක්මී ගොසින් ඇත 

ගිමන් හරිනට රන් දෙවොල අතහැර 
පිය නගන්නට හඩයි ඔබ අද මල් කළබ ලග 
වැඩම සිටි පුජාසනෙන් බැස , හිරි ඔතප් බිද 

3 July 2015

 ආගන්තුක සිහිනයකි 

















ආගන්තුක සිහිනයකි 
මා ඔබත් එක්ක 
ඔබේ සිනා සිත ලග 
සිහින සොයද්දී 
ගැයෙන පෙම් ගියවත් 
නොම ඇහෙද්දී 
ලොවෙන් ඇතට 
නික්ම යන්නට 
සද  කියද්දී 
නොලද නොනිමි ආශා 
ඉලිප්පෙද්දී 
ක්ෂණික හාදුව 
දෙතොල සිම්බේ 
තුරුළු වී ඔබ දැඩිව 
රිසිසේ 
යොමවූ  අඩවන් 
රාගී දැසේ 
දැවී ගියද මා 
සියොලග 
 ඔබේ සුදු සේද සයනේ 
ඔබේ ආලිංගනේ 
ඔබට ආගන්තුක 
නොවූ සිහිනේ 



4 February 2015

 '' චන්ද්‍රමුකී නැටු ''


චන්ද්‍රමුකී ඔබ තාමත් 
එදා මෙන්ම නොවෙනස්ව 
නටයි  රාගයේ රිද්මෙට 
උලුප්පා උස්  නිතබ 
විදහ  පා  සිහිනිග 
උස්  පහත් වෙන 
ඔබේ ලමැද 
කියාවි සුසුමක අරුත 
රැගුම ජීවිකාව පමණක් ම බව 

ඔබේ රගුමෙන් නැළවෙන 
පහසට පොරබදන 
මත් වු සලෙලු රැල 
පුදන පන්දහේ  මල්  කළබ 
එකතුවන වැටුපට 
ඔබේ අතිරේකලෙස 
අස්වැසුම වී ඔබට 
නැට වෙන්න හැමදාම
නොවෙනස්ව ඉදිරියට 

පාදඩ නින්දිත 
අධම  සල්ලාල 
මතවු හිස් වේදිකාවක 
ගැලරියට නොපෙනෙන 
චන්ද්‍රමුකී නැටුම 

නුහුරු හැගුම්   කාල දලැති විස දෙබරුන්   රොන්                 ඇද්ද           වතුසුදු කොමල මල් කොතරම් ලොව           ඇද්ද සුපි...