13 November 2014

.....මම වින්දා.....


මම වින්දා ඔබෙන් ලද ඒ සොදුරුතම ආදරේ  
සුව වින්දා ...සුවද වින්දා ....පහස ලැබුවා 
ප්‍රථම ප්‍රේමයේ සුන්බුන් මැදින් 
දළු පත් දමා වැඩුණු ඒ  හීනයේ 
සුවය මම වින්දා .... සය වසක් පුරා 
මා ... වින්දා ඔබ මා  සිත සොර ගත්තා 
ඔබ ම ලගින් උන්නා // 

ඔබේ රුව වසා ඒතී.. 
රන් තැල්ල ඔබ පැළදු දිනෙ 
ඔබේ රුව වසා සරසා 
මගෙන් ලද ඒ තිලින අතරීන් සෙවූ 
මගුල් සළු පිලි ඔබව සැරසුවා
ඔබව හැඩ කෙරුව//

මා නොබැදු  ඒ රන්තැල්ල 
ගෙල සරසා... නෙත් කොනින් 
මතක කදුලක් පිසදා දමා 
ඔබ... මදු සමය වින්ද...
ජීවිතය වින්ද ....//

15 August 2014

''ආදම් ගේ ඒව''
ජීව විද්‍යා පිටු අතර
ජෛව ලෝකය තුල කිමිද
සෙවූ සෛලයේ හරස්කට
ෆ්ලොරසන්ට් බුබුලේ එළියෙන්
මැදියමේ රැයේ එකට විතර
දෙදරා මුළු ලොවම
වැදුනි අකුණු සැර හෙන හඩට
නිවාලූ විදුලි බුබුල
මසැස අදුරු විය
මනස අවදි විය
තනිව කාමරය තුල
සිහිවිය මල්රානි එක කොටස
උත්පෙරක, හෝමෝන
හුර්ධ ස්පන්දන ,අනිච්චානුග ක්‍රියා
සියල්ල එක වර
ජීවයේ හාස්කම
මහා බබුන් මැව්‍ම
ආදම් ගේ ඒව
ෂෝර්ට් නෝට් කොලේ උඩ
ඇස අරින විට එසැන
චිමිනි ලාම්පුව තබා ඇත මෙසේ උඩ

23 February 2014

නිමා නොවු යුද්දය
කොක්ටයීල් පහස ලැබ
ඇදුනු දුම් රැලි ගොන්න
කිති කවයි සියෝලගම
මුසුව ඔබගේ සුවද
කප්පරක් කාසි මැද
නැටවෙන්නේ ඔබේ ලය
ලන් ලන්ව සලෙලුන්ට
යුද්දයකි සයනයක
දුහුල් සළුවෙන් වැසුන
සිසේරියන් පිහි පාර
සිහිකරයි ඔබගේ පහස
වින්ද ඒ විරුවාව//
නිමා උන යුද්දයක

7 February 2014

දහසක් සුසුම් සිනා මැද
යන්න මංගල යහනට
ඉන්න වත්රී උඩුකුරුව
ඉවසන් වේදනාවැව
මගෙන් ඉලුව ඔබ
ඔබේ යටි සිත
නිදි වැඩි මා සමග
උසුලන් මෙරක් බර
කසාදයේ අරුත

නුහුරු හැගුම්   කාල දලැති විස දෙබරුන්   රොන්                 ඇද්ද           වතුසුදු කොමල මල් කොතරම් ලොව           ඇද්ද සුපි...