ආදරය කොරෝනා
ශුංගාර ගුමි නාද
නිම්නාද නැවතිලා
පෙම්පාන මත් බබරු
බියෙන් මුසපත් වෙලා
පෙම් සිහින, එකම තැන
නෑ පැතුම් ඉටුවෙලා
ඔවු නොවුන් වෙන්වෙලා
මිටරෙන් දුරතියා.
සොදුර, ඔබ
මටම පමණක් උරුම
රතින් පමනක් දිලෙන
ඔය දෙතොලේ සුවදෙන්න
මාස්ක් ගලවා එන්න