ආගන්තුක සිහිනයකි
ආගන්තුක සිහිනයකි
මා ඔබත් එක්ක
ඔබේ සිනා සිත ලග
සිහින සොයද්දී
ගැයෙන පෙම් ගියවත්
නොම ඇහෙද්දී
ලොවෙන් ඇතට
නික්ම යන්නට
සද කියද්දී
නොලද නොනිමි ආශා
ඉලිප්පෙද්දී
ක්ෂණික හාදුව
දෙතොල සිම්බේ
තුරුළු වී ඔබ දැඩිව
රිසිසේ
යොමවූ අඩවන්
රාගී දැසේ
දැවී ගියද මා
සියොලග
ඔබේ සුදු සේද සයනේ
ඔබේ ආලිංගනේ
ඔබට ආගන්තුක
නොවූ සිහිනේ