23 February 2014

නිමා නොවු යුද්දය
කොක්ටයීල් පහස ලැබ
ඇදුනු දුම් රැලි ගොන්න
කිති කවයි සියෝලගම
මුසුව ඔබගේ සුවද
කප්පරක් කාසි මැද
නැටවෙන්නේ ඔබේ ලය
ලන් ලන්ව සලෙලුන්ට
යුද්දයකි සයනයක
දුහුල් සළුවෙන් වැසුන
සිසේරියන් පිහි පාර
සිහිකරයි ඔබගේ පහස
වින්ද ඒ විරුවාව//
නිමා උන යුද්දයක

7 February 2014

දහසක් සුසුම් සිනා මැද
යන්න මංගල යහනට
ඉන්න වත්රී උඩුකුරුව
ඉවසන් වේදනාවැව
මගෙන් ඉලුව ඔබ
ඔබේ යටි සිත
නිදි වැඩි මා සමග
උසුලන් මෙරක් බර
කසාදයේ අරුත

නුහුරු හැගුම්   කාල දලැති විස දෙබරුන්   රොන්                 ඇද්ද           වතුසුදු කොමල මල් කොතරම් ලොව           ඇද්ද සුපි...